ආර්ථිකය යළි ස්ථාවර භූමිකාවකට – මහබැංකුවෙන් සුබවාදී සංඥා

​ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති විවිධ අභියෝග මධ්‍යයේ වුවද, රට නැවතත් ස්ථාවර සහ තිරසර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව මහබැංකුව නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වේ. මැදපෙරදිග අර්බුදය වැනි බාහිර තර්ජන පැවතියද, විදේශ විනිමය සහ සමස්ත බාහිර අංශයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත්ව පවතින අතර, එය ඉදිරි ආර්ථික ප්‍රකෘතිය සඳහා ශක්තිමත් පදනමක් සපයයි.​වත්මන් උද්ධමනය යම් ඉහළ මට්ටමක පැවතුණද, ඉදිරියේදී එය මහබැංකුවේ සියයට 05 ඉලක්කගත සීමාව වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස මිල මට්ටම් ස්ථාවර වීම මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට මෙන්ම ව්‍යාපාරික කටයුතු සැලසුම් සහගතව ඉදිරියට කරගෙන යාමට ද පිටුවහලක් වනු ඇත.​උද්ධමන පීඩනය පාලනය කිරීමේ අරමුණින් මහබැංකුව පසුගිය මැයි මාසයේදී මුදල් ප්‍රතිපත්ති තරමක් දැඩි කිරීමට පියවර ගත්තේය. මෙමගින් අපේක්ෂිත මට්ටමෙන් ඔබ්බට උද්ධමනය ඉහළ යාම වැළැක්වීමට හැකි වූ අතර, ආර්ථිකයේ නියමිත පාලනයක් පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් බලාත්මක කර ඇත.​එමෙන්ම පසුගිය කාලයේ ගත් ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් පෞද්ගලික අංශයේ ණය වර්ධනය යම් මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනවශ්‍ය ලෙස ණය ප්‍රසාරණය වීම පාලනය කිරීම හරහා ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයන් මගහැරී, දිගුකාලීන තිරසර පැවැත්මක් තහවුරු වන බව මහබැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *