ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට

තුන්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා අද (08) දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, ඒ සමඟම කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපළේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹට පැමිණෙන අවස්ථාවේදී අදාළ මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.​මෙම සංචාරය අතරතුර හෙට (09) දිනයේදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වන බැවින්, ගාලු මාවත, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය සහ ඉන්දීය සාම හමුදා ස්මාරකය ආශ්‍රිත මාර්ගවල ද විශේෂ රථවාහන සැකැස්මක් යෙදවීමට නියමිතය.​මීට අමතරව, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සිය සංචාරය තුළදී පාර්ලිමේන්තුව වෙත ද පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,321

Leave A Reply

Your email address will not be published. Required fields are marked *