ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද SSC පිටියේදී

​ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ (23) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.​තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා සිටියේය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නියැළී අගනා ශතකයක් වාර්තා කළ දේව්දත් පඩික්කල් ලකුණු 117ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, නායක ශුබ්මන් ගිල් ලකුණු 50ක් සහ යශස්වි ජයිස්වාල් ලකුණු 45ක් ලබා ගත්හ.​ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථකම ක්‍රීඩකයා වූ අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 3ක් බිඳ හෙළමින් ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *