ඉන්ධන මිල සහ සහනාධාර ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා

පසුගිය දිනවල පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩාල කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල පැවති හිඟය මඟහරවා ගැනීම සඳහා සියලුම ඉන්ධන සමාගම් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පවසයි.​එහිදී සිනොපෙක්, ආර්.එම්. පාර්ක්ස් සහ අයි.ඕ.සී. ඇතුළු සමාගම් තමන්ට සිදුවන මූල්‍ය පාඩු පිළිබඳව රජයට කරුණු දක්වා ඇත. අදාළ ගිවිසුම් අනුව නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී සිදුවන පාඩු රජය විසින් පියවිය යුතු ප්‍රතිපාදන පවතින බැවින්, ඉදිරියේදී පාඩු නොවන පරිදි ඉන්ධන අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හෝ රජයේ මැදිහත්වීමෙන් සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,346

Leave A Reply

Your email address will not be published. Required fields are marked *