ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි එළඹෙන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් අද (10) නියෝග කරන ලදී.කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගනිමින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් අනතුරුව, අදාළ සැකකාරිය අද දින මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.



























