අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වී ගුරු හිඟයට විසඳුම් ලබාදීමට සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අවධාරණය කර තිබේ.විශේෂයෙන්ම විද්‍යා හා ගණිත අංශවල පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීම, දුෂ්කර හා අමාරු ප්‍රදේශවල පාසල් පහසුකම් සංවර්ධනය කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ගුරු බඳවාගැනීම් විධිමත් කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් විය.මීට අමතරව, විනිවිදභාවයකින් යුත් ගුරු ස්ථාන මාරු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා සහ පාසල් වර්ගීකරණ නිර්ණායක සංශෝධනය කිරීම මෙන්ම පාසල්වල ඉඩම් සහ යටිතල පහසුකම් ගැටලු විසඳීම පිළිබඳවද අවධානය යොමු විය.උසස් අධ්‍යාපන අංශය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම ඇතුළු කරුණු රැසක් මෙම රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වී ඇත.



























