උඩවලව ජල පවිත්‍රාගාරයේ නඩත්තුවක් නිසා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇත.​ඒ අනුව අද පෙරවරු 10.00 සිට රාත්‍රී 07.00 දක්වා පැය 9ක කාලයක් පනහදූව, කොලඹගේ ආර, 97 කණුව සහ 98 කණුව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.​මෙම සැපයුම් අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට මුහුණපෑමට සිදුවන අපහසුතා පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව ප්‍රකාශ කරන අතර, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,354

Leave A Reply

Your email address will not be published. Required fields are marked *