උපරිම සීමාවන් ඉක්මවා රුධිර පරීක්ෂණ ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන තුනක දඩයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම සීමාවන් ඉක්මවා රුධිර පරීක්ෂණ ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන තුනක දැඩි දඩ මුදලක් නියම කර තිබේ. පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල වෛද්‍ය පරීක්ෂණ සඳහා පාලන මිලක් පනවා ඇති අතර, ‘FBC’ හෙවත් සම්පූර්ණ රුධිර ගණනය කිරීමේ පරීක්ෂණයකට අය කළ හැකි උපරිම මුදල රුපියල් 400ක් ලෙස දක්වා ඇත.​කෙසේ වෙතත්, යාපනය කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික රෝහල විසින් එම පරීක්ෂණය සඳහා රුපියල් 550ක මුදලක් අය කර ඇති බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පසුගියදා සිදු කළ වැටලීමකදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව විභාගයටගත් අවස්ථාවේදී, විත්තිකාර පාර්ශ්වය සිය වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කරනු ලැබීය.​මීට අමතරව, සිදුකළ වරද සම්බන්ධයෙන් අදාළ රෝහලේම පෞද්ගලික වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. පෞද්ගලික රෝහල් හෝ රසායනාගාරවලින් සේවා ලබාගැනීමේදී නියමිත පාලන මිල පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන ලෙසත්, කරන ලද ගෙවීම් සඳහා නිවැරදි බිල්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවට නැවතත් මතක් කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,249

Leave A Reply

Your email address will not be published. Required fields are marked *