ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ. ඊට අදාළ නිල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පස්වරුවේ එතුමා වෙත භාරදෙන ලදී.මෙම නව පත්වීම ඉදිරි නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරයි. මෙම තනතුරට පත්වීමට පෙර මහාචාර්ය පිටවල මහතා එම විශ්වවිද්යාලයේම ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.ඉදිරි කාලසීමාව තුළ විශ්වවිද්යාලයේ අධ්යයන හා පර්යේෂණ කටයුතු උසස් තලයකට ගෙන ඒම සඳහා නව උපකුලපතිවරයාගේ නායකත්වය යටතේ වැඩපිළිවෙල රැසක් ක්රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.


























