සංහිඳියාව සහ සාමය පෙරදැරි කරගත් ‘ඒහිපස්සිකෝ’ සාම පාදයාත්‍රාවේ තෙවන දිනය වන අද (24), මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ගමන් ආරම්භ කෙරේ. අද දිනයේ මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වන මෙම පාගමන, හෙට සිට ඉදිරි දින කිහිපය පුරා තෝලංගමුව, යක්කල සහ කැලණිය රජමහා විහාරය හරහා කොළඹ බලා ගමන් කිරීමට නියමිතව ඇත.මෙම සුවිශේෂී වැඩසටහනේ සමාප්ති උත්සවය ලබන 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිස වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාරදීමට නියමිත අතර, එදිනම පෙරවරුවේ කැලණි විහාරයේදී පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ විශේෂ සංවාදයක් ද පැවැත්වෙනු ඇත.ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ ‘Clean Sri Lanka’ වැඩසටහන ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගීතාවයෙන් සංවිධානය වන මෙම පාදයාත්‍රාව, 28 වනදා රාත්‍රී 7.00 ට ගංගාරාම විහාරස්ථානයෙන් නිමාවට පත්වේ. ජාතික නිර්මාණ මධ්‍යස්ථානය, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වය මත ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයින පුරා සහජීවනය වර්ධනය කිරීම අරමුණු කරයි.

























