කඩවත – මහකඩේ ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවාට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලමින් ඔහුගේ මව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.ගම්පහ සහ කඩවත පොලිස් ස්ථාන වෙත ගොස් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඇය මෙම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී පොලිස් මූලස්ථානයටද පැමිණිල්ලක් කිරීමට නියමිත බව මාධ්‍ය හමුවේ පැවසුවාය.සිදුවූ ශල්‍යකර්මයෙන් පසුවද දරුවාගේ සිරුර තුළ උණ්ඩ කැබලි පවතින බවත්, ක්‍රීඩා අංශවලින් දක්ෂතා දක්වන තම දරුවාගේ අනාගතයට මෙය දැඩි බලපෑමක් වන බැවින් ඊට නිසි සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.



























