කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා “රාජු” ඉන්දියාවේ සිට හෙට මෙරටට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කරන්දෙණිය සුද්දා” නමැත්තාගේ සහෝදරයා වන “රාජු” හෙට (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතය. ඔහු රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.​මොහු මීට පෙර ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපළේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූයේ වෙනත් රටකට පලා යාමට උත්සාහ කරමින් සිටියදීය. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින් හෙට පස්වරුවේ ඔහු මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු යොදා ඇත.​මෙරට සිදුවූ විවිධ අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත අතර, විදේශගතව සිට මෙරට අපරාධ ජාලයන් මෙහෙයවූවන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

What's your reaction?

Related Posts

1 of 1,098

Leave A Reply

Your email address will not be published. Required fields are marked *