කළමනාකරණ සේවා නිලධාරී පත්වීම් 1,252ක් හෙට පිරිනැමේ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් පැවැත්වේ. එහිදී කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණිය සඳහා අලුතින් තේරී පත් වූ අපේක්ෂකයින් 1,252 කු වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.​මෙම පිරිස තෝරාගෙන ඇත්තේ 2025 ඔක්තෝබර් 05 වැනිදා පැවැති විවෘත තරඟ විභාගයට පෙනී සිටි 85,000කට ආසන්න අයදුම්කරුවන් අතරිනි. ඉන් ඉහළම දක්ෂතා දැක්වූ පිරිස 2026 මැයි මස 22, 23 සහ 24 යන දිනවලදී සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ අතර, විභාග සහ සම්මුඛ පරීක්ෂණ ලකුණු මත පූර්ණ විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදුකර තිබේ.​වයස අවුරුදු 18 ත් 29 ත් අතර පසුවන තරුණ තරුණියන්ගෙන් සමන්විත මෙම නව නිලධාරීන් කණ්ඩායමට භාෂා මාධ්‍ය තුනෙන්ම පිරිස් ඇතුළත් වේ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් නිලධාරීන් 1,006ක් ද, දෙමළ මාධ්‍යයෙන් 217ක් ද සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපේක්ෂකයින් 29 දෙනෙකු ද මෙවර රාජ්‍ය සේවයට එක්වීමට සුදුසුකම් ලබා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,223

Leave A Reply

Your email address will not be published. Required fields are marked *