කළුතර, නාගොඩ ප්රදේශයේ පිහිටි හෝටලයක් තුළ අද (09) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප්රහාරයෙන් කාන්තාවක් ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.මියගොස් ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු වන අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සොයා කළුතර දකුණ පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.

























