කෙසෙල්ගමුව රක්ෂිතයේ නීතිවිරෝධීව මැණික් ගැරීමේ යෙදුණු 9 දෙනෙක් අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමට අයත් කෙසෙල්ගමුව රක්ෂිත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ නිරත වූ පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් අල්ලාගෙන ඇත.​අවුරුදු 27ත් 59ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් බගවන්තලාව, පැල්මඩුල්ල, ඕපනායක, රත්නපුර, කුරුවිට සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් සතුව තිබී කැණීම් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,370

Leave A Reply

Your email address will not be published. Required fields are marked *