සියඹලන්ගමුව ප්රදේශයේ වෙල් යායකදී අසනීප තත්ත්වයෙන් ඇදවැටී සිටියදී හමුවූ මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ හස්තිරාජයා මියගොස් තිබේ.ප්රතිකාර ලබමින් සිටි මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි තුවාලයක් තිබී ඇති අතර, පශු වෛද්යවරුන් සහ අදාළ අංශ විසින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරා ඇත. කෙසේ වෙතත්, පාදයේ තුවාලය සුව අතට හැරෙමින් තිබුණද, පසුගිය දින කිහිපය තුළ ආහාර නොගැනීම ඇතුළු සෙසු රෝගී තත්ත්වයන් උත්සන්න වීම මෙම අවාසනාවන්ත මරණයට හේතු වී ඇත.ගල්ගමුව ප්රදේශය ආශ්රිතව සැරිසැරූ මෙම වන අලියාගේ වියෝව මෙරට වනජීවී ප්රජාවට මෙන්ම වන අලි ලෝලීන්ට දැඩි කණගාටුවක් ගෙන දෙන පුවතක් වී තිබේ.



























