කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ධූරයට අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබ සිටිති. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) දින සිට බලාත්මක වන පරිදි මෙම උත්තම පත්වීම සිදු කර තිබේ.​මෙරට බුද්ධිමය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට අතිමහත් සේවාවක් ඉටු කර ඇති අනුනායක හිමිපාණන්ගේ මෙම පත්වීම විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යයන හා පරිපාලන කටයුතුවල උන්නතියට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ද සිය ප්‍රසාදය පළ කර සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,217

Leave A Reply

Your email address will not be published. Required fields are marked *