කුඩාඔය බස්-යතුරුපැදි ගැටුමකින් 14 හැවිරිදි දැරියක් මරුට

මොණරාගල, කුඩාඔය පොලිස් වසමේ වෙහෙරයාය සිරිපුරගම මාර්ගයේ සිදු වූ දරුණු රථවාහන අනතුරකින් 14 හැවිරිදි පාසල් දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ සිරිපුරගම දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනි. වෙහෙරයාය 02 කණුව ආසන්නයේදී සිදු වූ මෙම ගැටුමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාම බරපතළ තුවාල ලබා දෙහිගස්හන්දිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදියේ පසුපස ගමන් කළ ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය මියගොස් ඇති බව වාර්තා වේ.​බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය තවමත් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි. මාර්ගයේ පවතින අවදානම් සහ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය මෙවැනි අකල් මරණවලට හේතු වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 1,125

Leave A Reply

Your email address will not be published. Required fields are marked *