මාතර, කුඩාවැල්ල ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු සහ ඔවුන් ගමන් කළ ධීවර යාත්රාව අතුරුදන් වී ඇති බව වාර්තා වේ.අතුරුදන් වූ ධීවරයින් සහ යාත්රාව සොයා ශ්රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සෝදිසි කිරීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදා මාධ්ය ප්රකාශකවරයා තහවුරු කළේය.මෙම යාත්රාව අතුරුදන් වීමට හේතුව හෝ සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.



























