කුලී නිවාස අපරාධකරුවන්ගේ තිප්පොළක් කර නොගැනීමට දේපළ හිමිකරුවන්ට පොලිස් අවවාද

කුලී හෝ බදු පදනම මත ලබාදෙන නිවාස සහ වාණිජ ගොඩනැඟිලි තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ හා මූල්‍ය වංචා වැළැක්වීම සඳහා දේපළ හිමිකරුවන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි. විශේෂයෙන්ම විදේශිකයන් සම්බන්ධ අන්තර්ජාල මූල්‍ය වංචා පසුගිය වසරේ සහ 2026 වසරේ මේ දක්වා කාලය තුළ බහුලව වාර්තා වී ඇත. මේ හේතුවෙන් තමන් සතු දේපළ කුලියට දීමේදී, එම පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ ඔවුන් එම පරිශ්‍රය ලබාගන්නා සැබෑ අරමුණ පිළිබඳව වඩාත් සුපරීක්ෂාකාරී වීම හිමිකරුවන්ගේ වගකීමකි.​පොලිස් ආඥා පනතේ 76 වැනි වගන්තිය ප්‍රකාරව, සෑම දේපළ හිමිකරුවෙකුම සිය පවුලේ සාමාජිකයන්, සේවකයන් මෙන්ම තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ලබාදීමට නීත්‍යානුකූලව බැඳී සිටියි. පදිංචිකරුවන්ගේ පැමිණීම හෝ පිටව යාම සිදුවන සෑම අවස්ථාවකදීම ඒ බව පොලිසියට වාර්තා කළ යුතුය. මෙම නියෝග උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, නිසි පරීක්ෂාවකින් තොරව අපරාධකරුවන්ට නිවෙස් ලබාදීමෙන් හිමිකරුවන්ට ද බරපතළ නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත.​තම නිවසේ හෝ ගොඩනැඟිල්ලේ රැඳී සිටින පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව යම් සැකයක් මතු වන්නේ නම්, වහාම 118 හෝ 119 හදිසි ඇමතුම් අංක මගින් හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. නොදැනුවත්කම හෝ නොසලකා හැරීම නිසා ඔබේ දේපළ නීතිවිරෝධී කටයුතුවලට යොදා ගැනීමට ඇති ඉඩකඩ අහුරා දැමීමට මෙලෙස වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *