හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් පහර දී ඇති බව වාර්තා වේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙමින් තිබියදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.පහරකෑමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා ඒ සම්බන්ධයෙන් වහාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. මෙම සිදුවීම එම ස්ථානයේ සිටි තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ කැමරාවල සටහන් වී ඇති බව සඳහන් වේ.මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී. එහිදී අදාළ නඩුව යළි නොවැම්බර් 11 වැනි දින කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.



























