ඥානසාර හිමිට සමාව දීමේ ක්‍රියාවලියේදී නිලධාරීන් මාව නොමග යැවුවා – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලියේදී තමන් වෙත නිවැරදි තොරතුරු වාර්තා නොකර නිලධාරීන් විසින් නොමග යවා ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. අදාළ වරද පරිපාලන මට්ටමින් සිදුවුවද, ඒ පිළිබඳව තමන් මහා සංඝරත්නයෙන් සමාව අයදින බවද හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.​අධිකරණ තීන්දු පිටපත අධ්‍යයනය කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ, උන්වහන්සේ නිදහස් කිරීමට පෙර අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුව තිබුණද එම පියවර මගහැර නිලධාරීන් සිය අත්සන පමණක් ලබාගෙන ඇති බවයි. මෙම තාක්ෂණික දෝෂය සහ පවතින නෛතික තත්ත්වය පිළිබඳව රටට හා මහා සංඝරත්නයට කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *