දිවයිනට බලපා ඇති පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. අද (15) පස්වරු 4:00 සිට ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම් වලංගු වේ.ඒ අනුව, ගම්පහ, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්රදේශ කිහිපයක් සඳහා ‘මට්ටම 1’ යටතේ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.එමෙන්ම, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්රික්කවල නීර්ණය කළ ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා වඩාත් අවදානම් සහිත ‘මට්ටම 2’ යටතේ විමසිලිමත් වන ලෙස උපදෙස් දී ඇත. අවදානම් ප්රදේශවල වෙසෙන ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටී.



























