කොලොන්නාවට මෙගාවොට් 100ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්

ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදුලි ජනන සැලසුම්වලට අනුව ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) කොලොන්නාව ග්‍රිඩ් උපපොළෙහි ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 100ක බලශක්ති ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට නියමිතය.​ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කැඳවන ලද ලංසු 04 අතුරින්, තාක්ෂණික හා මූල්‍ය ඇගයීම් පදනම් කරගනිමින් සුදුසුම කොන්ත්‍රාත්කරු තෝරාගෙන ඇත.​ඒ අනුව, Ceylex Engineering සහ Xingneng Electric Power Construction යන සමාගම්වල එකමුතුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 1.27ක, යුරෝ මිලියන 2.61ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 555.13ක වටිනාකමකින් යුතු අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට රජයේ අනුමැතිය හිමිව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,406

Leave A Reply

Your email address will not be published. Required fields are marked *