කොළඹ සහ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද දින සිට යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙවර මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බව රථවාහන අංශය පවසයි.ඒ අනුව සෑම දිනකම පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා කාලය තුළ මෙම බස් මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ.මෙම නීතිය කඩකරන රියැදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.



























