කොළඹ වරාය නගරයේ චීන ජාතික ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් තවත් චීන ජාතිකයින් තිදෙනෙකු පැහැරගෙන ගොස් ඉන් අයෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබේ.​ඉකුත් ජූලි මස 23 වැනි දින වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් පුළුල් විමර්ශන මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතී.​ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඊයේ (04) දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 54 හැදී වියැති චීන ජාතිකයෙකි.

What's your reaction?

Related Posts

1 of 1,316

Leave A Reply

Your email address will not be published. Required fields are marked *