ගාල්ල දංගෙදර වෙඩි තැබීම: ආධාර දුන් සැකකරුවන් 3ක් දැලට

ගාල්ල, දංගෙදර ප්‍රදේශයේදී පසුගිය මැයි 12 වනදා සිදු වූ පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී මෙම පිරිස කොටුකර ගැනීමට හැකිව ඇත.​මොවුන් අතරින් සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ සහ මහව යන ප්‍රදේශවලදීය. 24 සහ 38 යන වයස්වල පසුවන මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.​මේ අතර, මෙම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත. හබරාදුව, කල්පේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු වන ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *