ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන බහුදින යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.අද (10) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි දින තුනක්, එනම් නොවැම්බර් 13 වැනි දින පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ. මෙම කාල සීමාව තුළ අදාළ මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බැවින්, මුහුදු යන ධීවර ප්‍රජාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.


























