ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, පළමු අදියර යටතේ 17,000 ක් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වැනිදා සිට ආරම්භ වන බව අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්රකාශ කළේය.පසුගිය වසරවල පැවැති නීතිමය බාධා සහ ශ්රේෂ්ඨාධිකරණ වාරණ නියෝග හේතුවෙන් මෙම බඳවාගැනීම් ප්රමාද වූ බවත්, මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 126,034 දෙනෙකු පෙනී සිටි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.දිවයින පුරා දැනට පවතින උපාධිධාරී ගුරු පුරප්පාඩු 23,000 ම මෙම වසර අවසන් වීමට පෙර පියවීමට කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී පළාත් මට්ටමින් අධ්යාපනවේදී ගුරුවරුන් බඳවා ගැනීමටද පියවර ගන්නා බව ලේකම්වරයා පැවසීය.



























