ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ (AASL) නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද (01) පෙරවරුවේ කටුනායක පිහිටි ආයතන පරිශ්‍රයේදී වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉදිරියේ නිල වශයෙන් වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන ඒ මහතා, වසර 36 කට අධික කාලයක් නාවික හමුදාවට සේවය සපයා ඇති අතර, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු මෙන්ම ‘රණශූර පදක්කම’ සහ ‘උත්තම සේවා පදක්කම’ ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකි.නව සභාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ මෙරට ගුවන්තොටුපළ සහ ගුවන්සේවා ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු මෙන්ම ආරක්ෂාව සහ නියාමනය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම අවස්ථාව සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

























