පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් 25 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් පසාන් අමරසේන මහතා නියෝග කළේය.මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයා මේ වන තෙක් සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින්, ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණයට බලයක් නොමැති බවද මහේස්ත්රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීම මගින් දැනට ක්රියාත්මක පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනවලට බලපෑමක් එල්ල විය හැකි බැවින් එම ගමන් තහනම ඉවත් කිරීමට තමන් විරුද්ධ වන බවයි.



























