එළැඹෙන දීපාවලී උත්සව සමයේ ගම්බිම් බලා යන මගී ජනතාවගේ ගමනාගමන පහසුව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ. නොවැම්බර් 8 වනදාට යෙදී ඇති උත්සවය වෙනුවෙන් නොවැම්බර් 6 වනදා සිට මගීන් විශාල පිරිසක් කොළඹින් පිටව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ වන විටත් හැටන්, තලවාකැලේ, නුවරඑළිය, යාපනය, වව්නියාව සහ බදුල්ල වැනි ප්‍රදේශ වෙත ධාවනය වන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් පූර්ව වෙන්කිරීම් හරහා වෙන්වී අවසන් බව පෞද්ගලික සහ ලංගම ආසන වෙන්කිරීමේ අංශ සඳහන් කරයි.එබැවින් උත්සව සමයේ ඇතිවිය හැකි අධික තදබදය වළක්වා ගැනීම සඳහා 1315.lk හෝ sltbeseat.lk යන නිල වෙබ් අඩවි වෙත පිවිස කල්වේලා ඇතිව ආසන වෙන්කර ගන්නා ලෙස ප්‍රවාහන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.



























