බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුවෙන් පසු ඔහු කිසිදු අවස්ථාවක අතහැර දමන්නේ නැති බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. අධිකරණයේ තීන්දුවට තමන් ගරු කරන බව සඳහන් කර ඇති විපක්ෂ නායකවරයා, අභියාචනා ක්‍රියාවලිය හරහා මන්ත්‍රීවරයාට අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු වනු ඇති බවට දැඩි විශ්වාසයක් පළ කර ඇත.2019 වසරේ සිදු වූ සිදුවීමකට අදාළව බදුල්ල මහාධිකරණය විසින් චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක් නියම කිරීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය. බදුල්ල දිස්ත්‍රික්කයට මෙන්ම සමස්ත රටටම දැවැන්ත ශක්තියක් වූ මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ගවලදී ද පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

























