පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකට අක්‍රමවත් ලෙස බලපත්‍ර නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 84 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලබන 10 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත. චාමර සම්පත් මහතා 2022 සැප්තැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම අල්ලස් ලබාගැනීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

























