පොස්පේට් ආනයන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය.පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්රකාශයට පත් කරන බව මහේස්ත්රාත්වරයා දැනුම් දුන්නේය. එමෙන්ම මෙම නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර සිටින දිනේෂ් පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට ද මෙහිදී නියම කෙරිණි.



























