දූෂිත දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කර ජනතාවගේ සැබෑ දුක හඳුනන පාලනයක් බිහි කිරීමට රටේ ගොවි ජනතාව දැඩි ජවයක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි” ජන රැළි මාලාවට සමගාමීව පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැති විශේෂ ගොවි රැළිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.පරාක්‍රම සමුද්‍රය අසල පැවැති මෙම ජනතා රැළිය සඳහා ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ. අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් යන මහත්වරුන් ද මෙහිදී සභාව ඇමතූ අතර, පසුගිය වසර දෙක තුළ ගොවි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ප්‍රගතිශීලී වැඩසටහන් සහ අනාගත සුබසාධන පියවර පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කෙරිණි.රජය බලයට පත්වන විට සියලු අංශ අඩාල වී තිබුණු අභියෝගාත්මක රටක් තමන්ට භාරදුන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අද වන විට එම අර්බුදකාරී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර රට යළි ස්ථාවර මාවතකට ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර සාර්ථකව ක්‍රියාවට නංවා ඇති බවද අවධාරණය කළේය.


























