ජනපති අනුර රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදකී

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මීරිගම, මිණිඔළුව පිහිටි ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා, එහිදී මහානායක හිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියේය.​මෙහිදී මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පල කළහ. උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළ උන්වහන්සේ, ඉදිරි රාජ්‍ය පාලන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත සිය අධ්‍යාත්මික සුබපැතුම් ද පිරිනැමූහ.​මෙම අවස්ථාවට පූජ්‍ය මකුලෑවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, චමින්ද ලලිත් කුමාර සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමින් මහින්දලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. ජනාධිපතිවරයාගේ මෙම ආගමික වතාවත්වල නිරත වීම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි අවධානයට ලක් වූ විශේෂ සිදුවීමක් විය.

What's your reaction?

Related Posts

1 of 1,097

Leave A Reply

Your email address will not be published. Required fields are marked *