ජ’පුර සරසවියේ වින්දුලා ගම්මන්පිලට ලොව හොඳම පර්යේෂණ නිබන්ධනයටහිමි සම්මානය

හොංකොං හි පැවති 12 වැනි ලෝක තිරසර සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂිකා සහ නීතිඥ වින්දුලා ගම්මන්පිල මහත්මිය, වසරේ හොඳම පර්යේෂණ නිබන්ධනයට හිමි කීර්තිමත් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත. අගෝස්තු 21 සිට 24 දක්වා පැවති මෙම සමුළුව සඳහා ලොව පුරා රටවලින් පර්යේෂකයන් 500කට වැඩි පිරිසක් සහභාගි වී තිබුණි.​එහිදී ඇය විසින් ‘විදුලි ක්ෂේත්‍රයට හරිත බලශක්ති ක්‍රමවේදය යටතේ කෙරෙන නව පිවිසුම් තිරසර ලෙස ඇගැයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක්’ යන මැයෙන් තමන් විසින් සකස් කරන ලද පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරන ලදී. ඇයගේ මෙම නව්‍ය ප්‍රවේශය සහ පර්යේෂණයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර විනිසුරුවන්ගේ දැඩි ඇගැයීමට ලක් විය.​ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරුවරියක ලෙස අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති ඇය, නීති උපාධියද හැදෑරීමෙන් පසු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නීතිඥවරියක ලෙසද සේවය කරයි. මෙරටට අභිමානයක් ගෙන දුන් මෙම විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ඊයේ (27) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

What's your reaction?

Related Posts

1 of 1,305

Leave A Reply

Your email address will not be published. Required fields are marked *