පාතාල සාමාජිකයන් ඇතුළු මෙරටින් විදෙස්ගත වූ අපරාධකරුවන් 236 දෙනෙකුට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රූපවාහිනී සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු සඳහන් කළේ, එම අපරාධකරුවන්ගෙන් 110 දෙනෙකුටම රතු නිවේදන නිකුත් කර ඇත්තේ වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු බවයි.ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කරනු ලැබූ මෙම පිරිසෙන් අපරාධකරුවන් 66 දෙනෙකු මේ වන විටත් මෙරටට නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.මීට අමතරව, තවත් සැකකරුවන් 97 දෙනෙකු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අතරින් සැකකරුවන් 39 දෙනෙකු සැඟවී සිටින රටවල් සහ නිශ්චිත ස්ථාන පිළිබඳව මේ වන විටත් පැහැදිලි තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉදිරි සතිය තුළ ඔවුන්ගෙන් තවත් අයෙකු දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.



























