ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අවසන් කටයුතු සිදුවෙයි

අභාවප්‍රාප්ත ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.​ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වූ ඒ මහතා, 2016 වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කළ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් විශාල මෙහෙවරක් ඉටු කළේය.​මියයන විට 86 වැනි වියේ පසුවූ ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,404

Leave A Reply

Your email address will not be published. Required fields are marked *