ජාතික තරුණ සේවා සභාවේ පාලන හා මානව සම්පත් කළමනාකරණ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුමකුට්ටි මනුල චමාල් පෙරේරා නමැත්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයට රුපියල් ලක්ෂ 51ක මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.විමර්ශනවලට අනුව, අම්පාර සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ ගොඩනැගිල්ලක් රජයේ දේපළක් ලෙස අඟවමින්, අතුරු බදු ගිවිසුම් හරහා එය තරුණ සේවා සභාව වෙත බදු පදනම මත ලබා ගැනීමට මොහු කටයුතු කර තිබේ. එම ක්‍රියාවලියේදී තුන්වන පාර්ශ්වයකට තරුණ සේවා සභාවේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 38ක මුදලක් නීති විරෝධී ලෙස ගෙවා ඇති බව හෙළි වී ඇත.ඊට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ 13ක මුදලක් අයථා ලෙස වැය කිරීමට ද මොහු කටයුතු කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



























