අයි.සී.සී. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පවන් රත්නායක ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් නිකුත් කළ නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 20ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු පවන් රත්නායක සමත්ව තිබේ. ඒ අනුව ඔහු ශ්‍රේණිගත කිරීම් හි 16වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.​පාකිස්තානයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී දැක්වූ විශිෂ්ට පිතිහරඹය මොහුගේ මෙම ඉදිරිගමනට හේතු වී තිබේ. එහිදී තරග 5කට සහභාගී වූ පවන්, ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 427ක් රැස්කළ අතර, තරගාවලියේ ලකුණු 400 සීමාව පසුකළ එකම පිතිකරුවා බවට ද පත්විය.​මේ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසුවන කුසල් මෙන්ඩිස් 12වැනි ස්ථානය රැකගෙන සිටින අතර, ජනිත් ලියනගේ ස්ථාන කිහිපයක් පසුපසට යමින් 18වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ. ඉන්දීය නායක ශුබ්මන් ගිල් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවෙයි.

What's your reaction?

Related Posts

1 of 1,423

Leave A Reply

Your email address will not be published. Required fields are marked *