දිවයින පුරා දැනට පවත්වාගෙන යනු ලබන සියලුම පෙරපාසල් එළඹෙන ජූලි මස 01 වන දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නිවේදනය කරයි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය අවධාරණය කළේ, පෙරපාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් විධිමත් හා ප්‍රමිතියකට අනුකූලව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බවයි.මෙම නව රෙගුලාසි යටතේ ඉදිරියේදී ඕනෑම නව පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර අදාළ විෂයභාර අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය සහ ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්ය වනු ඇත. මින් ඉදිරියට පෙරපාසල් අධ්‍යාපන ක්‍රියාවලිය රජයේ සෘජු විෂය පථය යටතේ වඩාත් සංවිධානාත්මකව මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළාය. දරුවන්ට ලබාදෙන මූලික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය හරහා දිවයිනේ සියලුම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නිසි නියාමනයකට යටත් කිරීමට රජය සැළසුම් කර ඇත. මෙම නියමිත කාලසීමාව තුළ ලියාපදිංචි කටයුතු සම්පූර්ණ කරන ලෙස සියලුම පෙරපාසල් පාලනාධිකාරීන්ගෙන් අමාත්‍යවරිය ඉල්ලා සිටියි. මෙම පියවර තුළින් පෙරපාසල් පද්ධතියේ පවතින අඩුපාඩු මගහරවා ගනිමින් ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට මග පෑදෙනු ඇත.

























