ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වලට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගත් සමස්ත උද්ධමනය 2026 ජූලි මාසයේදී 7.3% දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ජූනි මාසයේදී මෙම අගය දැක්වුණේ 6.8% ක් ලෙසය.මෙම ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ආහාර අංශයේ මිල ගණන් ඉහළ යාමයි. ඒ අනුව, ජූනි මාසයේ 3.6% ක් ලෙස පැවැති ආහාර උද්ධමනය, ජූලි මාසයේදී 6.3% ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමන අගය මඳක් පහළ යෑමක් පෙන්නුම් කර ඇත. ජූනි මාසයේ 8.4% ක මට්ටමක තිබූ ආහාර නොවන උද්ධමනය, ජූලි මාසය වන විට 7.8% දක්වා අඩු වී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


























