ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම නොවැම්බර් 25 දක්වා කල් තබයි

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබාගැනීම සහ බදු වංචා කිරීමේ චෝදනාවලට අධිකරණය හමුවේ වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දඬුවම් නියම කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කල් තබා ඇත. කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (11) නියෝග කළේ එම තීන්දුව ලබන නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.​නඩු විභාගය අතරතුරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරු චෝදනාවලට වරද පිළිගෙන ඇති බැවින් අදාළ සුඛෝපභෝගී වාහනය රාජසන්තක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.​ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විත්තිකරුට ලබාදෙන දඬුවම සහ අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මෙලෙස නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තබන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,418

Leave A Reply

Your email address will not be published. Required fields are marked *