ඥානසාර හිමිට බන්ධනාගාර ඇඳුම් සහ සාමාන්‍ය වාට්ටුවක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරකරුවන්ට නියමිත ඇඳුම ලබා දී සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇත.​බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, අදාළ බන්ධනාගාර නියෝග මත උන්වහන්සේ මේ වන විට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක පසුවන බවයි.​අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට 2018 වසරේදී පනවන ලද වසර හයක සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයකට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාව නීත්‍යානුකූල නොවන බවට තීන්දු කිරීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *