ඥානසාර හිමියන්ගේ අභියාචනය පිළිබඳ තීන්දුව ලබන මස ප්‍රකාශයට

අන්‍ය ආගම්වලට අපහාස කිරීම සහ ආගමික අසමගිය ඇති කිරීමට කටයුතු කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර හතරක සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාච පෙත්සමේ විභාගය අවසන් වී තිබේ.​අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරත්නම් සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම විවාදයට ගත් අතර, ඊට අදාළ තීන්දුව ලබන නොවැම්බර් 18 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.​අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වී තිබූ උන්වහන්සේ, ඉකුත් ඔක්තෝබර් 03 වනදා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *