කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් තිස්සේ කොන්ත්රාත් පදනම මත සේවය කළ සේවකයින් ඇතුළු 850 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලබාදීම ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්යස්ථානයේදී පැවැත්විණි.මෙම පත්වීම් අතර වසර 15-20 අතර කාලයක් ස්ථීර පත්වීම් නොලැබූ කොන්ත්රාත් සේවකයින් 690 දෙනෙකු සහ ද්විතීක මට්ටමේ තනතුරු සඳහා තේරී පත් වූ 160 දෙනෙකු ඇතුළත් වේ. තාක්ෂණික නිලධාරීන්, ගොවිපළ ලිපිකරුවන්, බීජ කාර්මිකයින් සහ නේවාසිකාගාර පාලකයින් වැනි තනතුරු සඳහා මෙම පත්වීම් පිරිනමා ඇත.මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා ද එක්ව සිටි අතර, ගොවි ජනතාවගේ සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ අභිවෘද්ධිය උදෙසා රාජ්ය සේවකයින් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව මෙහිදී අවධාරණය කෙරිණි.



























