ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහිව රිට් පෙත්සමක්

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අදාළ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නම් කර ඇත.​ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීමක් වන බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් සැරසීම බන්ධනාගාර රෙගුලාසිවලට සහ බෞද්ධ විනය නීතිවලට පටහැනි බවත් පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙයි.​ඒ අනුව, එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් සහ ඊට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, ඉදිරියේදී එය අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *