ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් විශේෂ ප්‍රකාශයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම පැළඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබේ. එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, විනය පිටකයට අනුව භික්ෂූන් වහන්සේනමකගේ සිවුර ඉවත් කිරීමට නීත්‍යානුකූල බලයක් ඇත්තේ අදාළ නිකායට පමණක් බවයි.​මෙවැනි ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 10 වගන්ති මෙන්ම ආගමික නිදහසද දැඩි අභියෝගයට ලක්වන බව ඔහු අවධාරණය කළේය. අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කළ අවස්ථාවකදී කටයුතු කිරීමට පෙර අදාළ මහානායක හිමිවරුන්ගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කළ යුතුව තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *